ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්‍රමුඛ දහ දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් ශාන්ති පදනම සංවිධානය කළ උත්සවයක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙම පුණ්‍ය උත්සවය පැවැත්විණ.
ජනාධිපතිවරයා කැප්පෙටිපොළ වීරවරයාගේ සිතුවමට පුෂ්පෝපහාර දක්වමින් පුණ්‍යාත්සවයට එක්වූ අතර, ස්වාමීන් වහන්සේලා උදෙසා උදෑසන දානය පිළිගැන්වීමට ද ජනපතිවරයා කටයුතු කළේය.
නිදහස් අරගලයේ දී දිවි පිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ සිදුකළ අතර වීර කැප්පෙටිපොළ අනුස්මරණ ගුණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ සිදුකළහ.
මේ අතර ”කැප්පෙටිපොළ උරුමය මතු පරපුරට” යන තේමාව පෙරටු කොටගත් කැප්පෙටිපොළ හා මඩුගල්ලේ 200 වන විරුවන් ඇතුළු එදා මෙදාතුර රට දැය සමය වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර විරුවන් අනුස්මරණය කිරීම සහ පිංපෙත් අනුමෝදන් කිරීමේ උත්සවයක් අද (25) සවස කොළඹ, නිදහස් චතුරස්‍ර මන්දිරයේ දී පැවැත්විණි.
කැප්පෙටිපොළ වීරවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සහ තුන්සූත්‍ර පිරිත් දේශනාවකින්ද සමන්විත මෙම උත්සවය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...