දේශීය පුවත්

ජෝන් සුජීවගේ රෙදි ගලවයි

December 19, 2017 10:25 am | Lanka Lead News

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට වඩා තමාට හොඳට සිහිබුද්ධිය තිබෙන බවත් ඒ අනුව සුජීව සේනසිංහ මහතාට වඩා තමා හොඳින් කටයුතු කරන බවත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ජෝන් අමරතුංග අමාත්‍යවරයාට අවුරුදු 80ක් පමණ වන බවත් වයසට ගියවිට එක එක කතා කියන බවටත් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය..

ඊයේ පෙරේදා දේශපාලනයට ඇවිල්ලා සුජීවලා මොනවාද දන්නේ. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් මං මැතිවරණ කීයකට මුහුණ දුන්නාද? කෙතරම් මැර තර්ජන අපට එල්ල වුණාද? පසුගිය ආණ්ඩුව කාලේදී කෙතරම් මැර තර්ජන එල්ල වුණාද? ඒ වගේ තර්ජන ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට එල්ල කරන්න එපා. එහෙම කවුරුහරි මැර තර්ජන අපට කරන්න ආවොත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එකයි මං කිව්වේ.

මට වයස ගියාට සුජීවලාට වැඩිය ඉතා හොඳ සිහි බුද්ධියෙන් මම කටයුතු කරනවා. කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපායි කියලා ජනාධිපතිතුමා පසුගියදා කිව්වේ කාටද? ජනාධිපතිතුමාට ‍ෙදාස් කියන්න එපා කියලා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා අවවාද කළේ කාටද? කියලා හොයලා බලන්න. එතකොට සිහිබුද්ධිය නැතිව වැඩ කරන්නේ කවුද? කියලා කාටත් දැනගන්න පුළුවන්’ යැයිද ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More