උසස් පෙළ පාසල් සිසුවෙකුට ඊයේ (24) දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී උපකාරක පංතියක් ආසන්නයේ සිදු කරන ලද පිහි ඇනුමෙන් පසු එම පිහි ඇනුමට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනා මේ වන විට අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන්නේ සැකකරුවන් අදාළ ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවය.
අපරාධය සිදු කළ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් තිබේ.
ඊයේ දහවල් සිදු වූ මෙම පිහි ඇනුමෙන් වයස අවුරුදු 19ක් වූ රසිඳ ගිම්හාන් නැමැති සිසුවෙකු මිය ගිය අතර ඔහු සමග සිටි තවත් සිසුවෙකු තුවාල ලැබුවේය.
ඝාතනය වූ සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දින සිදු කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...