Uncategorized

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.

ඊයේ (24) තෙල්දෙණියේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථානුකූලව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක් නොව 120ක් පමණ වුවද පෙන්වීමට සූදානම් බව අමාත්‍යවරයා පැවසීය.

නව පෙරමුණකින් සහ නව ලකුණකින් පැමිණෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවාලීමට නොහැකි බව පැවසුවහොත් නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා නව කථානායකවරයෙකු සමඟ ආණ්ඩුව ගෙන යන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More