දේශීය පුවත්

ඊයේ (23) දින පැවැති පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීමක් දැඩි කතාබහට ලක්ව තිබේ. එහිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කිරීමේ ඡන්ද විමසීමේදි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සිදු කළ ඡන්ද විමසීම නැවතත් වඩා පැහැදිලිව බහුතරය පෙන්වීමට නම් වශයෙන් කියවා සිදු කරන ලෙසට එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේදි නැගි සිටින දෙමළ සංධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අසළට පැමිණ එම යෝජනාවට දැඩි විරෝධය දක්වා ඇත. එවිට කිරිඇල්ල මන්ත්‍රීවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වමින් යමක් පවසා ඇති අතර එවිට නැවතත් සුමන්තිරන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යමක් විමසීමේදී එජාප නායකයා සුමන්තිරන් මන්ත්‍රීවරයාට යමක් පවසන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලා අතර හුවමාරු වෙමින් ඇත.

ඉන් අසරණ වන බවක් පෙන්වන ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයාට සුමන්තිරන් මන්ත්‍රිවරයාට අවනත වීමට සිදු වන බවක් පෙනේ. මෙලෙසින් එජාපයේ ජ්‍යේෂ්ඨයෙක් වන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා දෙමළ සංධාන මන්ත්‍රීවරයෙක් ඉදිරියේ දැඩි අපහසුතාවයට ලක් වෙද්දි එජාප නායකයා එය තැකීමකට ලක් නොකිරීමද කතාබහට ලක්ව තිබේ.

මෙහිදි සුමන්තිරන් මන්ත්‍රීවරයා නම සදහන් කරමින් සිදු කරනා ඡන්ද විමසීමකට විරුද්ධ වන්නේ ඒ හරහා සිය පක්ෂයට ප්‍රසිද්ධියේ එජාපය සමග එක්වීමට සිදු වන නිසා බවට දේශපාලන විචාරකයන් අදහස් දක්වයි. මේ වනවිටත් උතුරේ ජනතාව දෙමළ සංධානය අතහැර විග්නේෂ්වරන් මහ ඇමතිවරයා වටා එක්වෙමින් පවතින බවද වාර්තාවේ.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුව අමතා කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සභානායකවරයෙක්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ආදි තනතුරුද නොවන බවයි. කෙසේ වෙතත් මෙහිදි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාට කථානායකවරයා ‘සභානායකතුමා’ ලෙසින් ඇමතීමද විශේෂත්වයකි.

එම අවස්‍ථාවේ වීඩියෝව පහතින්,

k

දෙමළ සංධානයේ සුමන්තිරන්ගෙන් එජාප ජ්‍යේෂ්ඨයා කිරිඇල්ලට බැණුම් – රනිල් දැක්කේ නෑ වගේ හිටපු හැටි!

Gepostet von Lanka Lead News am Samstag, 24. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More