දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා හිතවාදීන් විසින් නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් සංවිධානයක් බිහිකිරීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට හිතවත් ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් සහභාගි වී සිටින බව දැනගන්නට ඇත.

ශ්‍රී ල.නි.ප.ය හා පොහොට්ටුව අතර එකඟතාව අනුමත නොකරන චන්ද්‍රිකා හිතවාදීන් මෙම සති අන්තයේ හෝ ඉදිරි දින කිහිපය තුළ කොළඹට රැස්වී නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ අදහස නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

මේ අතර ඉදිරි මැතිවරණ සදහා මුහුණ දීමට එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව සන්ධානය සදහා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියද එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් වූ දල කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්චා කර ඇය මේ වන විටත් එකතාවකට පැමිණ ඇති බවද සදහන්ය.

නායකත්වය මණ්ඩලයන් යටතේ ක‍්‍රියාත්මක වන මෙම නව දේශපාලන සන්ධානය ඉදිරි දින වලදී එලි දැක්වීමට නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More