ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සංහිඳියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ එක්තරා කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ කොටස ඇතුළු සමස්ත පරීක්ෂණ වාර්තාව තවත් සතියක් ඇතුළත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද කොටසේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසකගේ නම් සඳහන් වී තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් සම්පූර්ණ වාර්තාව එළිදැක්වීමෙන් අනතුරුව මෙම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වූ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ සම්බන්ධකම් පැවැත් වූ සියලුම දෙනාගේ තොරතුරු රටේ පොදු මහජනතාවට දැනගත හැකි බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.
මෙම ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු මීට වඩා පුළුල් ආකාරයෙන් සිදුකළ හැකි බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– Mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...