* අගමැති මහින්ද – 103
* රනිල්-99
* ටී.එන්.ඒ.-14
* ජවිපෙ-6
* මුකො-1
පාර්ලිමේන්තුවේ ඊයේ (23) පැවැති ඡන්ද විමසීමට අනුව බලනවිට තවමත් බහුතරය ඇත්තේ ඡන්ද 103ක් හිමි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බව පැහැදිලි වේ.
තේරීම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121ක් ලැබුණ ද ඒ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙක්, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු ද සිටින අතර එක්සත් ජාතික පක්ෂයට සිටිනුයේ මන්ත්‍රීවරුන් 99 දෙනකු පමණි.
දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටිනුයේ තමන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තේරීම් කාරක සභාවට පක්ෂව මිස රනිල් වික්‍රමසිංහට පක්ෂව නොවන බවය.
මේ අතර පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසීම විද්‍යුත් ක‍්‍රමය ඔස්සේ සිදු කිරීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
එසේ ඡන්ද විමසීම මගින් එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් නොමැති බවටත් සන්ධානය පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇති බවටත් පෙන්වීම ගැන තමන් සතුටට පත්වන බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...