දේශීය පුවත්

විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ලබන 04 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා ලබන 04, 05, 06 යන දිනවල මෙම පෙත්සම ද විභාගයට ගන්නා බවයි.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම්කර තිබේ.

දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය.

පෙත්සම්කාර සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ එම නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට කතානායකවරයා පියවර ගත් අතර එය ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවයි.

මෙම ක්‍රියාකලාපය තුලින් කතානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සහ නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔහු අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More