කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුව අද දිනයේදීද එකගතාවයකින් තොරව අවසන් වී ඇත.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත් කිරීම සම්බන්දයෙන් දිගින් දිගටම අද දිනයේදී එහිදී විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට සන්ධානය 05, එජාපය 05, දෙමල සන්ධානය 01, ජවිපෙ 01 ක් ලෙස කතානායකවරයා දිය ස්ථාවරය සබාවට දැනුම් දුන්නේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරමින් අදහස් පල කළ අතර, විමල් වීරවංශ මහතා නැගීසිටිමින් කතානායකතුමනි, ඔබතුමන් අගමැති පිළිගන්නේ නැත්තම්, සභානායක පිළිගන්නේ නැත්තම්, කැබිනට් මණ්ඩලය පිළිගන්නේ නැත්තම්, අපි ඔබතුමත් කතානායක ලෙස පිළිගන්නේ නෑ. ඒ නිසා ඔබගේ මේ නීති විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව අපි පාර්ලිමේන්තුව වර්ජනය කරනවා යැයි පවසමින් අෘණ්ඩුපක්ෂ සියලු මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියේය.
ඉන් අනතුරුව විපක්ෂය විසින් ඡන්දයක් විමසූ අතර එහිදී ඡන්ද 121 ලැබී අැති බවත් ඒ අනුව තේරීම් කාරක සභාව සදහා ඉදිරිපත් කළ නාම ලේඛනය සම්මත වී ඇතිබවත් කතානායකවරයා දැනුම් දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...