දේශීය පුවත්

බහුතර බලය තමන්ට අවශ්‍ය යැයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය බල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටුවීම අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් අනාවරණය කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ගේ නාම ‍ලේඛනය සභා නායක කාර්යාලය පාර්ලිමේන්තු මහ‍ලේකම්වරයා වෙත යොමු කළ අතර එම පිරිස 7 කි. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, එස්.බි. දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිලංග සුමතිපාල යන මහත්වරුන් ඒ අතර වෙති.

මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ නම් යෝජනා කර අද යැවූ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ලක්ෂ්මන් කිරිඇල්ල , පාඨලි චම්පික , මනෝ ගනේෂන් , රිෂාඩ් බදුයුදීන් සහ රාවුෆ් හකීම් එම මන්ත්‍රීවරු වෙති.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරු නම් කොට තිබුණි.

එමනිසා තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය සම්බන්ධයෙන් අද (23) දිනයේදී පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද හෙතෙම කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More