ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සියළුම මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
ඉකුත් දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා එය අවධාරණය කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂය නිවේදනය කරයි.
විෂයානුබද්ධ කරුණු පිළිබදව අදහස් දැක්වීමේදී වගකීමකින් සහ දැනුවත්භාවයෙන් යුතුව අදහස් දැක්වීම සිදුකළ යුතු බවද එක්සත් ජාතික පක්‍ෂ නායකයා අවධාරණය කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...