ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ප්‍රකාරව මුදල් පනතක් හෝ මුදල් පිළිබද යෝජනාවක් හෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැක්කේ අමාත්‍යවරයකුට පමණක් බවත්, කිසිම මන්ත්‍රීවරයකුට මුදල් පිළිබද පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි බවත් විමල් වීරවංශ මහතා පවසයි.
එසේම රනිල්, අනුර‍්, සුමන්තිරන් හවුල කතානායකවරයාගේ ද සහය ඇතිව මේ සිදුකරමින් සිටින්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ අදහස් පළකළේ අද(22) අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘දැන් සමහරු අහනවා ඇයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට භාර ගත්තේ තව අවුරැදු එකහමාරක් ඉන්න තිබුණානේ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ රතු අලිපැටව් කියනවා නඩුවලින් බෙරෙන්නලු. මට තිබුණා ෂෙයිඩ් අල් හුසෙන් ලංකාවට ආපු වෙලාවේ නීති විරෝධීව පෙළපාලියක් ගියා කියලා බී වාර්තාවක් දාලා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි චෝදනා ගොනු කරලා ඒ නඩුව අහන්න ගත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තව අවුරුද්දක් හිටියනම් අපිට බාර ගන්න රටක් ඉතුරැ වෙන්නේ නෑ. රතු අලිපැටියාට ඒක ප්‍රශ්නයක් නැති වුණාට ඒක අපිට ප්‍රශ්නයක්. මේ ගහන විජාතික ගිවිසුම්වලින් මේ රට විජාතික වෙනඑක වළක්වන්න බෑ ඒක සමහරු පෙන්නන්න හදනවා මේ නඩු වලට බයේ මේ රට බාරගත්ත කියලා. අවුරුදු තුන හමාරක් මේ රතු අලිපැටව් පොල් ගෑවද අපි වැරදි කරලා තිබුණනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා රතු අලිපැටියාට තිබුණානේ නඩු ටික අස්සලා ඉවර කරන්න. අදත් මේ රතු අලි පැටියා දගලන්නේ තමන්ගේ විපක්ෂනායකකම රැකගන්න.
අද ව්‍යවස්ථාදායකය ව‍්‍යවස්ථාවට පටහැනි දිශාවකට අරගෙන යන්න හදනවා. රටේ මූලික නීතිය පැත්තකට දාලා පාර්ලිමේන්තුව රස්තියාදුකාරයෙක් වගේ මෙහෙයවන්න හදනවා. මේවා මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දකින්න තිබුණු දේවල් නෙවෙයි. මේ වන විට අපිට දැනගන්න තිබෙනවා අරලියගහ මන්දිරයට රස්තියාදු කාරයෝ එහෙන් මෙහෙන් ඇවිල්ලා අරලිය ගහ මන්දිරයේ තිබුණු වටිනා සම්පත් විශාල ප්‍රමාණයක් අතුරැදහන්වෙලා කියලා. ඒ විතරක් නෙවෙයි එක පැත්තක මුත්‍රා ගදලු, තව පැත්තක වෙරළු සුවදලු, කොළඹ පැත්තේ ප්‍රේමවන්තයෝ ප්‍රේම කරන්න තැනක් නැතිවුණාම හිමිහිට අරලියගහ මන්දිරයට රිංගනවා කියලත් ආරංචියි.‘‘
අරලියගහ මන්දිරයේ එක පැත්තක මුත්‍රා ගදලු, තව පැත්තක වෙරළු සුවදලු, කොළඹ පැත්තේ ප්‍රේමවන්තයෝ ප්‍රේම කරන්න තැනක් නැතිවුණාම හිමිහිට අරලියගහ මන්දිරයට රිංගනවා කියලත් ආරංචියි. නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ
Gepostet von Lanka Lead News am Donnerstag, 22. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...