දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය සිදුකරන ආකාරය හා ලැබෙන තීන්දුව ගැන කල්තියා ප‍්‍රකාශ කරමින් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (22) පැවසිය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ වන අතර ඒ පස්දෙනාගෙන් තුන්දෙනෙක් තමගේ පැත්තට සිටින බවට රංජන් මහතා ප‍්‍රකාශ කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයක් සමාජය තුළ මතුවී තිබෙන බව ගම්මන්පිල මහතා පැවසීය. ඒ අනුව නීතිය පිළිබඳ අවිශ්වාසයක්ද ජනතාව තුළ ඇති විය හැකි බවද ඔහු පැවසීය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට කරපු අපහාසයක් බැවින් ඒ පිළිබඳව තමන් රංජන් රාමනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන්නට බලාපොරොත්තු වන බවද ගම්මන්පිල මහතා පැවසීය.

රංජන්ගේ මහතාගේ මේ ප‍්‍රකාශය නිසා සමාජ ජාලා කැළඹි ඇති බවද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ ආගමික විශ්වාස, විවාහ සබඳතා, දරුවන්ට රැකියා ලැබුණ ආකාරය ආදී දේවල් පිළිබඳව සමාජ ජාලා තුළ ඉතිහාසයේ සිදුනොවු ආකාරයට සංවාදයට ලක්වෙමින් තිබෙන බවද ඔහු පැවසීය. ඒ අනුව නිතියේ ආධිපත්‍යය රැකගැනීමට නම් මේ නඩුව පිලිබඳව ලබාදෙන තීන්දුව කුමක් වුවත් රටේ ජනතාව එය දොහොත් මුදුන් දී තබා භාරගන්න පසුබිම සැකසුණේ නැතිනම් රට පුරා කැරළිකාරී තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More