දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී කොටි මහවිරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලු තහනම් නියෝගය ලබා දීම සම්බන්ධයෙන් තීරණය හෙට (23) ලබා දීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (22) තීරණය කළේය.

යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම් නියෝගය ඊයේ (21) ඉල්ලා තිබිණි.

අදාළ තහනම ලබා දීමට නම් හෙට (23) අවශ්‍ය හේතු හා වාර්තා විධිමත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා කෝපායි පොලීසිට දැනුම් දුන්නේය.

නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය උතුරේ වෙනත් ප්‍රදේශයන්හි සාමාන්‍ය අයුරින් සිහිපත් කලද යාපනය විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන මහවිරු සැමරුම් වෙනුවෙන් සෑම වසරකට කොටි සංවිධානයේ ධජය හා කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ ඊලාම් සිතියම යොදාගනිමින් නීති විරෝධීව කොටි සංවිධානයද ප්‍රවර්ධනය කරමින් සැමරීම් සිදු කරන බැවින් එම කටයුතු තහනම් කරන ලෙසට කෝපායි පොලීසිය විසින් මෙම තහනම් නියෝගය ඉල්ලා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More