දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්ද දායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය වහා පවත්වන්නැයි ඉල්ලා පූජාපිටිය නගරයේදී අද 21 වනදා විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූජාපිටිය සංවිධානය සංවිධානය කර තිබූ මෙම විරෝධතා උද්ඝෝෂණයට ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹක්වැල්ල, හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, විරසිංහ අලුත්ගමගේ , පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු, යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්‍රීයාරීන්ද විශාල පිරිසක් සහභාගී වූහ.

පූජාපිටිය නගරයේ පෙළපාලියකින් පැමිණි විරෝධතාකරුවන් පූජාපිටිය ප්‍රාදේශිය සභාව ඉදිරිපත්ට දී විරෝධතාවයේ නිරත වූ අතර කතානායක කරූ ජයසුරිය මහතාගේ යැයි කිව් පිළිරුවකටද ගිනි තබා සිය විරෝධය දැක්වූහ.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹක්වැල්ල මහතා මෙසේ කීය.

“පසුගිය 26 වනදා සහ ඉන් පසුව ජනාධිපතිතුමා ගත් සියලු ක්‍රියාමාර්ග ව්‍යවස්ථානූකූලව ගත් බව අපි පැහැදිලිවම කියනවා.නමුත් ඊට පසුව ඇති වූ තත්වය තමයි පාර්ලිමේන්තුවේ ඇති වූ තත්වය.පාර්ලිමේන්තුවේ ඇති වූ තත්වය පිළිබඳව බොහොම පැහැදිලිවම කියන්න ඕන.කතානායකවරයාට ගරු කියල කියන්න බැරි තත්වයට පාර්ලිමේන්තුව පත් කළා. මේ රටේ සමාජය දකින්නේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුල සිදු වන ක්‍රියාවලිය. ඒ දිහා බලල තමයි එදා සිදු වුන හැසිරීම් රටාව විවේචනය කරන්නේ. නමුත් පාර්ලිමෙන්තු සම්ප්‍රදායක් තියෙනවා. තමුන්නාන්සේලා දන්නවා 1948 ඉඳල මෙතෙක් ගෙනාව විශ්වාසභංග ගෙනාවේ කොයි විදිහටද කියලා .පාර්ලිමේන්තුවේ වැඩ පිළිවෙළක් තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා.ක්‍රියා පටිපාටියක් තියෙනවා ඒ සියල්ල පැත්තකට දාලා වැඩ කිරිම නිසයි මේ තත්වය ඇති වුණේ. පක්ෂ නායක රැස්වමේ ගත් තීරණ සියල්ල පසෙකලා සුමන්දිරන්ලාට දෙමළ සංවිධනයට ඕන විදිහට කටයුතු කරන්න ඉදිරපත් වුණා.”

“එහි ප්‍රතිපලයක් හැටියටයි රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ. අවුරුදු හතරකට ආසසන්න කාලයක් මේ අය ආණ්ඩු කළා ජාතික සම්පත් විකුණන් කන තැනකට පත් වුණා. එට්කා , සිංගප්පූරු ගිවිසුම් ගහල මේ රට අගාධයට පත් කළා. 19 වන සංශෝධනයෙන් වංක ලෙස සඟවා ඇති ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ලබා ගන්නයි අපි උල්සාහ කරන්නේ. අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි 225 පැත්තක තියලා රටේ ඉන්න මිලියන 15 කට අධික ඡන්ද දායකයින්ටමේ ප්‍රශ්නය විසඳන්න අවස්ථාව ලබා දෙන්න.අපේ ඉල්ලීම සාධාරණද නැද්ද කියලා සමාජයේ හොඳට හැරිල බලන්න. රටේ දැවැන්ත කඩා වැටිමක් තියෙනවා.ආර්ථයේ ජාත්‍යන්තරය ඉදිරියේ විශාල කඩා වැටීමක් තියෙනවා. මේ ආණ්ඩුවේ එකම වුවමනාව තිබුණේ රට බෙදන ව්‍යවස්ථාව.උතුර නැගෙනහිර ඒකාබද්ධ කරලා පෙඩරල් ව්‍යවස්ථාව ගේන්න.අපි පාර්ලිමේන්තුවේ කරපු වැඩේ හරිද නරකද කියන එක නෙවෙයි මේ කාලකණ්ණි පනත් ටික සම්මත කර ගන්න ඉඩ නොදීම ගැන අපි සතුටු වෙනවා. කතානායවරයාට ඕන වෙන්නේ මේ පාර්ලිමේන්තුව කැලෑ පාර්ලිමේන්තුවක් කරන්න නම් ඒකට අපි ඉඩ දෙන්නේ නෑ” යැයිද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More