දේශීය පුවත්

වස්සාන සෘතුවේ අවසාන පොහොය වන ඉල් පුහුණු පොහොය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල්වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. බුදු රදුන් වෙතින් බරණැස ඉසිපතනාරාමයේ දී දහම් අසා පස්වග තවුසන් ප්‍රමථයෙන්ම රහත් වූ අතර අනතුරුව යසකුල පුත්‍රයා ප්‍රධාන පනස්පස් දෙනා බණ අසා පැවිදිව රහත් වූහ. වස් පවාරණය කළ මේ රහත් සැටනම අමතා චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං මා එඑකෙන දේව අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සඛ්‍යඤාජනං කෙවලං පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ යනුවෙන් මහණෙනි! බොහෝ දෙනාට හිත සුව පිණිස ද, ලෝකයාට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට හිත සුව හා වැඩ පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මඟකින් නොයන්න. මහණෙනි මුල මැද අවසැන යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසන්න. පිරිසිදු බ්‍රහ්මචර්යාව දේශනා කරන්න. යනුනේ අවවාද දි බුදු රදුන් විසින් ප්‍රථම ධර්ම දූත පිරිස පිටත්කොට යවන ලද්දේ ඉල් පුනු පොහොය දිනක ය.

බුදු රදුන් අනතුරුව රජගහ නුවර බලා පිටත්ව අතරමඟ හමුවූ උරුවෙල් දනව්වට වැඩමවා එහි වාසය කළ උරුවෙල කාශ්‍යප ජටිල තාපසයා ප්‍රධාන පන්සියයක පිරිස ද, නදි කාශ්‍යප ජටිල තාපසයා ප්‍රධාන තුන්සියයක පිරිස ද, ගයා කාශ්‍යප ජටිල තාපසයා ප්‍රධාන දෙසීයක් පිරිස ද, පෙළහර දැක්වීමෙන් දමනය කොට පහදවා පැවිදි කළහ. පසුව ආදිත්තපරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රහත් භාවයට පත්විය. තථාගතයන් වහන්සේ තුන් බෑ ජටිලයන් හට මහ කරුණාවෙන් වැඩමවා වදාළේත් ඉල් පුනු පොහොය දිනකය.

ප්‍රථම අග්‍රශ්‍රාවක වූ ද, ප්‍රඥාවන්තයින් අතරින් අගතැන්පත් වූ ද, ධර්ම සේනාධිපති උතුම් සැරියුත් මහරහතන් වහන්සේ තම ආයුෂ අවසන් බව දැන බුදු රදුන්ගෙන් අවසර ලබාගෙන පිරිනිවන් පෑමට උපන් ගමෙහි තම මව ජීවත්වූ නිවසට වැඩම කළහ. එයට හේතුව නම් චුන්ද, උපසේන, රේවත යන සහෝදර පිරිසත් චාලා, උපචාලා, සිසූපචාලා යන සහෝදරියන් පිරිසත් පැහැද සසුන්ගතව රහත් භාවයට පත්ව සිටියත් ඒ සැමගේ මෑණියන් වූ රූපසාරි බැමිණිය මිථ්‍යාදෘෂ්ටි කාන්තාවකි. එබැවින් මිථ්‍යාදෘෂ්ටිකව සිටි උන්වහන්සේගේ මෑණියන් වන රූපසාරි මව්තුමියට රත්නත්‍රයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධකර ගැනීමට සලස්වා ධර්ම දේශනා කිරීමෙන් එතුමිය ඉල් පොහෝ දින සෝවාන් භාවයට පත්විය. අනතුරුව එම ඉල් පොහොය දිනයේම අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම නිවසේදීම පිරිනිවන් පා වදාළහ.

සම්බුදු රදුන් අසිරිමත් පුද පෙළහර දක්වමින් දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩම කරන අයුරු දැකීමෙන් ප්‍රසාදයට පත් මෛත්‍රී බෝධිසත්වයෝ පිරිවර ජනයා සමඟින්ම පැවිදි භාවයට පත්විය. චීවර මාසය අවසානයේ දී තමන්ට ලැබුණු වස්තු දෙකෙන් එකක් බුදු රදුන්ගේ ගදකිළියෙහි වියනක් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා එහි කෙළවර දර්ශනීය ලෙස එල්ලා පූජා කළහ. මේ මහා පුණ්‍යක්‍රියාව සිදුකළ තැනැත්තා පිළිබඳ විමසා බලා බුදුරදුන් මහත් සොම්නසට පත්ව අනාගතයේ මෛත්‍රෙය නමින් බුදුවන බව දේශනා කළහ. මෙසේ අසිරිමත් පූජාවන් පවත්වා මෙත් බෝසතුන් උතුම් නියත විවරණ ලබන ලද්දේ ඉල් පුනු පොහොය දිනයේ ය. තවද පසුවස් පවාරණය කළ යතු දිනය ලෙසත්, චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනස්තරණය විනය කර්මය කළ හැකි අවසාන දිනය ලෙසත් අතිශයෙන්ම ලෝකයාගේ පූජනීයත්වය පත් වූ අසිරිමත් පොහොය දිනයකි ඉල් පුරපසළොස්වක පොහොය දිනය. මෙම උතුම් ඉල් පුරපසළොස්වක පොහොය දිනයේ අපි සැම ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් නිරතව නිවන් පිණිස පිළිවෙත් පුරමු.

.

ඉල් පොහොයේ වැදගත්කම්01) කඨින චීවර පූජා අවසාන දිනය02) පසුවප් පවාරන දිනය03 තථාගතයාණන් වහන්සේ විසින් ප්‍රතථම රහත් හැට නම අමතා ධර්ම ප්‍රචාරයේ යෙදී වූ දිනය04) මෛත්‍රී බෝසතාණන් වහන්සේසේ බුද්ධත්වයට ගෞතම බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ දිනය05) සැරියුත් මහරහතනරහතන් වහන්සේ පරිනිර්වාණ කළ දිනය06) දේවානම්පියතිස්ස රජු විසින් ථූපාරාමය ඉදිකිරීම ආරම්භ කිරීම

Gepostet von Lanka Lead News am Montag, 19. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More