දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ පුවත්පත් නිවේදනයකින් සඳහන් කරයි.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය බැංකු සමඟ විදේශ විනිමය හුවමාරු ගිවිසුම් ලබා ගැනීම සඳහා මිත්‍ර රටවල බැංකු සමග රටේ විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් ශක්තිමත් වන බව එම නිවේදනයෙන් පැහැදිලි කෙරේ.

ශ්‍රී ලංකාවේ ණය වගකීම නිසි පරිදි පියවීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද 2019 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකන් ඩොලර් බිලියන (1) ක සහ 2019 අප්‍රේල් මාසයේ ඇමරිකන් ඩොලර් බිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම වෙනුවෙන් රජයට පියවීමට ඇති ණය ගෙවීම සඳහා හම්බන්තොට වරාය වෙත ලැබුණු ආයෝජන සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකමෙන් අරමුදල් ගොඩනගාගෙන තිබෙන බවද මහ බැංකුවේ පුවත් නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ අනුව සක්‍රීය වගකීම් කළමනාකරණය ක්‍රියාමාර්ග මඟින් රුපියල් බිලියන 310 නොඉක්මවූ සීමාවක අරමුදල් ලබාගැනීම සඳහා ඉඩප්‍රස්තා සකස්කරගෙන ඇති බව සිය නිවේදනයෙන් මහබැංකුව ප්‍රකාශ කරයි. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෑතකාලීනව දක්නට ලැබුණු සිදුවීම් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිරිහීමට ලක්වී නැති බව මහබැංකුව සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More