ප‍්‍රධාන පුවත්

2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ලකුණින් තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක්‍රව සහය ලබා දුනහොත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මන්ත්‍රීධූරයද අහෝසි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් පසුව ලැයිස්තුවේ ඊලඟට පත් වීමට සුදුසුකම් ලැබූ පුද්ගලයින් පිළිබඳව සොයා බලන ලෙස එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

දැනට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් ක්‍රියා කරන ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ජී.එල් පීරිස් මහතා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවට ගොඩ වූවොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාට සහ සන්ධානයේ මහලේකම්වරයාට බලය පවතින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක මැතිවරණ කටයුතුවලට දායක වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව කඩ කිරීමක් වනනිසා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබෙන බව එම ආරංචි මාර්ග පැවසී ය.

මෛත්‍රී විනය කමිටුවට බලය පවරයි

මේ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විනය කමිටුව වෙත බලය පැවරීමට ශ්‍රීලනිපයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවට ගොඩවී එම පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය ලබාදෙනු ලබන මන්ත්‍රීවරුන් ඉවත් කලහොත්, ඊළඟට එම මන්ත්‍රී ධූරයට පත් කිරීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිළිබඳ නාම ලේඛනය පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන් ලෙස ධනසිරි අමරතුංග, ජගත් කුමාර, කාන්ති කොඩිකාර, මහේශ් අල්මේදා, ජනක වලිවත්ත, ප්‍රසන්න සෝලංගරච්චි, චන්දන කත්‍රිආරච්චි

ගම්පහ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
කෝකිලා ගුණවර්ධන, උපුල් රාජපක්ෂ, ගුණසිරි ජයනාත්, රුවන් රණතුංග, ෆිලික්ස් පෙරේරා, පන්ඩු බණ්ඩාරනායක, සරත් කුමාර, තිලක් වරාගොඩ

කලුතර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
ලලිත් එල්ලාවල, තිලකසිරි පෙරේරා, නිමල් චන්ද්‍රරත්න, සුදත් සංජිව, තුසිත කුලරත්න

මහනුවර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
එරික් වීරවර්ධන, ඒ ජී සිරිසේන, නිමල් ප්‍රේමවංශ, අනුශා ජිනනි, ලාල් සිරිසේන, හසිත චතුරංග

මාතලේ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
නන්දිමිත්‍ර ඒකනායක,අසිත ඉදුනිල්, අනුරුද්ධ මොහාන්, මොහොමඩ් නව්ජි

නුවරඑළිය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
සිවරාජා අනුශ. නිමල් පියතිස්ස, එන් බී දිසානායක, කුමාර දසනායක,අශෝක සේපාල, ගමරාලලගේ රණසිංහ

ගාල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
බද්දේගම සමිත හිමි, ගුණරත්න වීරකෝන්, අරුන ප්‍රදීප්, මෙත්සිරි ඩ සිල්වා.

මාතර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
මනෝජ් ප්‍රසන්ග, දර්මවිජය විජේසේකර, හේමචන්ඩ්‍ර හේමාල්, නන්දන සොසින්ඩ්‍ර, සුනෙත් නිලන්ග

හම්බන්තොට දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
අජිත් රාජපක්ශ, හර්ශ උදය, එරාජ් ප්‍රනාන්දු,හේමසිරි නිශ්ශන්ක

දිගාමඬුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
සරත් ප්‍රියනන්ද, ඉන්දික නලින්, අතාවුල්ලා,ඉශාක් මන්සූර්

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
විජයසේක ජයන්ත, කපිල නුවන්,නලින් තුශාර

කුරුණෑගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්, නිමල් සෙනරත්, සුජානි මහේශිකා, අසන්ක නවරත්න

පුත්තලම දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
නියෝමාල් පෙරෙරා, ජගත් ප්‍රියන්කර්, දයාස්‍රිත තිසේරා, විකටර් පෙරේරා

අනුරාධපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
වීරසේන ගමගේ, බන්ඩාර් ඒකනායක, ඩුමිදු දයාසේන.හේරත් බන්ඩා

පොලොන්නරුව දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
කින්ග්ස් නෙල්සන් , චන්ඩ්‍රසිරි සූරිය ආරච්චි, ජයසින්ඝ බන්ඩාර

බදුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
ලක්ශ්මන් පින්තු, රෝහන කුමාර, මද්දුම බන්ඩාර, උදිත් ලොකුබන්ඩාර

මොණරාගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
සම්පත් ජයසූරිය, සරත් චන්ඩ්‍රසිරි, සුමතිපාල, ඩුමිදු රන්දුනු

රත්නපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
වරුන ප්‍රියන්ත, රොහාන් කොඩිතුවක්කු, සමී රොහාන්, සුමිත් කන්කානම්

කෑගල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්.
රජික පියන්ගනී, යටන්වල පද්මසිරි, ලලිත් දිසානායක, අනුරුද්ද පොල්ගම්පල

සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා යොමු කර ඇති ලිපිය පහතින්,




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More