දේශීය පුවත්

මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස සිටින තාක්කල් නැවත අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බව ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව පරාජය වුවත් ඔක්තෝබර් 26 ට පෙර තිබූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවතත් නොඑන බව ද ඔහු සඳහන් කරයි.

යම් ලෙසකින් එසේ වුවත් රනිල් වික්‍රමසිංහ විසින් නම් කරන පිරිස ඇමති මණ්ඩලය ලෙස ජනාධිපතිවරයා විසින් සුහච කීකරු ලෙස පිළිනොගනු ඇති බවද ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

එසේ කළහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනයත්, තම පක්ෂයේ දේශපාලනයත් නැවැත්විය යුතු බවද ඔහු සඳහන් කරයි.

මොනම හේතුවක් නිසාවත් මෙම පාර්ලිමේන්තු වාරය තුළ නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි නොවුණු ඇති බවද ඔහු දැඩිව අවධාරණය කර සිටියේය.

ආයෙත් UNP ආණ්ඩුවක් ගැන හීන දකින්න එපා

ආයෙත් UNP ආණ්ඩුවක් ගැන හීන දකින්න එපා යැයි ජ.වි.පෙ ලාල් කාන්ත මහතා පවසයි. https://youtu.be/wl2BOPm83cI

Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Mittwoch, 21. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More