දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කළ මොහොතේ අධිකරණයට නොගියේ අවාසිසහගත තත්වයක් නිසා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු පසුගිය(20)වනදා දෙරණ නාලිකාවේ වාද පිටිය වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාට අනුව අගමැති ඉවත් කිරීමට නඩු මගට ගියහොත් ඉතා වැඩි කාලයක් ගන්නා බැවින් එය අවාසි සහගත බවයි.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට වාරණ නියෝගයක් ලබා දී ඇති බවත් එම ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් ලෙස පත්වන බවට දැන් සාකච්ඡාවක් යන බවත් එසේ සිදු වුවහොත් තුනක් මෙහෙට දෙකක් එහෙට ලෙස තීන්දුවේ වෙනසක් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ප්‍රශ්න කළේ එහෙම අධිකරණ තීන්දුවක් ලබාදීමට පෙර රන්ජන් මන්ත්‍රීවරයා එම තීන්දුව ගැන කියන්නේ කෙසෙද? යන්නයි.

ඒ අවස්ථාවේදී බියට පත්වෙමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “මං මුකුත් කිව්වේ නෑ. තාම මුකුත් කිව්වේ නෑ“

අලුතින් පත්වූ නව අගවිනිසුරුතුමා පිළිබද දැනට ප්‍රසාදයක් තිබෙන බවත් නමුත් ඉදිරියේදී අපි බලමු මොකද වෙන්නේ කියලා“ යැයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් නීති විශාරදයින් පවසන්නේ රන්ජන් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය අධිකරණයට බලපෑම් කිරීමක් බවයි.

අපක්ෂපාතී ලෙස කටයුතු කරන අධිකරණයට පක්ෂග්‍රාහී ලෙස තින්දු ලබා නොදෙන බවත් එසේ තිබියදී තීන්දුව වෙනස් නොවන බවටත් විනිසුරුවරුන්ගේ තීරණ පිළිබඳ කල් තියා ඔහුට ප්‍රකාශ කළ නොහැකි බවත් එසේ කිරීමෙන් පෙනී යන්නේ එජාපය මන්ත්‍රීවරු විනිසුරුවරුන්ට බලපෑම් කිරීමක් බවත් එම නීති විශාරදයින් පෙන්වාදුන්නේය.

මන්ත‍්‍රීවරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි තීන්දුව ලබන මාසයේ ලබා දීමට නියමිතය.

එජාපය අධිකරණයට බලපෑම් කළාද? රන්ජන්ගේ කටින් පනී

එජාපය අධිකරණයට බලපෑම් කළාද? රන්ජන්ගේ කටින් පනී

Gepostet von Srilankapuvath am Dienstag, 20. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More