කථානායකවරයා විසින් අගවිනිසුරු නලින් ජයලත් පෙරේරා මහතා අමතා යොමු කරන ලද බවට සඳහන් වන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත් එය සාවද්‍ය ලිපියක් වන බවත් කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
2018.11.20 දින මෙම ලිපිය නිකුත් කර ඇති බව ද වාර්තා වෙයි.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය තමනට ලබා ගත හැකිදැයි කතානායකවරයා එමගින් අගවිනිසරුගෙන් විමසා සිටී.
කෙසේ වෙතත් මෙය මුළුමනින්ම සාවද්‍ය ලිපියක් වන අතර, එවැන්නක් යොමු කර නොමැති බව ද කථානායක මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
එම සාවද්‍ය බවට ප්‍රචාරය වන ලිපිය කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන ලිපි ශීර්ෂය යටතේ කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව දක්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37.2 අනු ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ ස්වකීය ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමට හා පත් කිරීමට තාවකාලිකව නොහැකි වී ඇත්දැයි මෙහිදී කථානායකවරයා අගවිනිසුරුගෙන් විමසා ඇති බව එම සාවද්‍ය ලිපියේ සඳහන් වෙයි.
ඒ අනුව අගවිනිසුරුගේ මතය ලිඛිතව දැනුම් දෙන ලෙසත් එසේම අනවශ්‍ය ජන කැලඹීමක් උදෙසා අදාළ කටයුතු අවසන් වෙන තෙක් මෙම ලිපිය ප්‍රසිද්ධ නොකරන ලෙසත් එම ලිපියේ සඳහන්ව තිබේ.
සාවද්‍ය බවට පළ වු සම්පූර්ණ ලිපිය පහතින් දක්වෙයි.

කථානායක මාධ්‍ය අංශයෙන් යොමු කළ ලිපිය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...