මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ පොදු අපේක්ෂකයෙක් බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.
එම පොදු අපේක්ෂකයා තරුණයකු හෝ මැදි වියේ කෙනෙක් විය හැකි යයි කී මන්ත‍්‍රීවරයා ස්ථිර වශයෙන් ම තරග කරන්නේ පොදු අපේක්ෂකයෙක් බවද සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා එම විහාරස්ථානයන් වෙත ගිය අවස්ථාවේදීය.
නවීන් දිසානායක මහතා වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ බෑණනුවන් වන අතර මීලග එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔහුට ලබා දීම සඳහා කතානායකවරයා වැඩපිළිවෙලක නිරතව සිටින බවට අදහස් පල වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...