මුදල් අමාත්‍යාංශය විසින් ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (20) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව බෙහෝ විට ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා තමාගේ අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරගෙන යන බවත්, නව රජයේ කැබිනට් මණ්ඩලයට තමා ඉදිරිපත් කරන පළමු කැබිනට් පත්‍රිකාව එය බවත් හෙතෙම පැවසීය.
එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව අතුරු සම්මත ගිණුම සම්මත කර ගත හැකිද ලෙස මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ “අපි බලමු. බහුතරය නෑ කියල ඒ අයනෙ කියන්නෙ. දැන් අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව රැස්‌වූ ගමන් 113 පෙන්වනව කිව්වනෙ. හැබැයි 19 දා පාර්ලිමේන්තුව රැස් වුණත් ඒ අය 113 පෙන්වූයේ නැහැනේ.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...