ඉන්දියාවේ දිල්ලි නුවර ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවෙයි.
ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව ඉන්දීය මාධ් වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනිල් කුමාර් නැමති පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
අමාත්‍යවරයා දිවා අහාරය සඳහා කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔහු වෙත පැමිණි මෙම සැකකරු මිරිස් කුඩු සහිත ලිපියකින් අමාත්‍යවරයා දෙසට දමා ගසා ඇති අතර, අමාත්‍යවරයා උපැස් යුවළක් පැළඳ සිටි නිසා කිසිදු අනතුරක් සිදුවී නොමැති බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ගේ දූෂණ විරෝධී ව්‍යාපාරය නිසා ඔහු විසින්ම සතුරන් ඇතිකරගෙන ඇති බව දිල්ලි නුවර ප්‍රසිද්ධ කරුණකි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිදුව ඇත්තේ පාර්ලිමේන්තුවට පැමිණි පොලීසියට එල්ල කළ මිරිස් කුඩු ප්‍රහාරය මන්ත්‍රීවරුන්ට වැදීමය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...