දේශීය පුවත්

ෆේස්බුක් මැසෙන්ජර් යෙදුම බිදවැටීමට ලක් වී දවසක් යාමට මත්තෙන් ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිදවැටිමකට ලක් විය.

මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.

මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණපා ඇත්තේ යුරෝපය,දකුණු අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල්හි වාසය කරන ෆේස්බුක් සමාජ ජාල පරිශිලකයන් බව පැවසේ.

මේ වන විට යම්තාක් දුරකට ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් බිදවැටීම ෆේස්බුක් ආයතනය මගින් යතාතත්ත්වයට පත්කොට ඇති අතර එහෙත් තවමත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන අඩවි ඉතාමත් මන්දගාමී ස්වරූපයක් ගනී.

විශේෂයෙන්ම ෆේස්බුක් අඩවියට පිවිසීමට දිගු වෙලාවක් ගතවීම හා චායාරූප දිගුහැරීමට ගතවන කාලය ඉතාමත් මන්දගාමී වීම එලෙස දැකගත හැකිය.

මෙසේ ෆේස්බුක් බිදවැටීම නිසා එම අඩවිය මන්දගාමී තත්වයට පත්වීම සමහර ශ්‍රී ලාංකික පරිශීලකයන් තම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් සිදුකල “ෆේස්බුක් තහනම්” ක්‍රියාවක්දැයි සැක පල කරයි.

මේ අතර මෙලෙස ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් යන සමාජ ජාල අඩවි බිදවැටීමත් සමගම යම් යම් පිරිස් “ශ්‍රී ලංකාවට ෆේස්බුක් තහනමක්” නමින් අසත්‍ය ප්‍රචාර පතුරාලීමේ හැකියාවක් පවතින අතර මෙවැනි ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (ෆේස්බුක්) නිවේදනයක් නිකුක් කරමින් සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටියි.

මෙම බිදවැටීම හා මන්දගාමී වීම ෆේස්බුක් ආයතනයෙහි හටගත් කාර්මික දෝෂයක් නිසා සිදුවූවක් බව ඔවුන් ජනතාවට අවධාරණය කරයි.

මෙම බිදවැටීම නැවත යතාතත්ත්වයට පත් කිරීමට ෆේස්බුක් ආයතනය ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම සංවිධානය ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශයට පත් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More