කවුරුවත් බලපෑම් කළත් රට වෙනුවෙන් ගන්නා වැදගත් තීරණ වෙනස්ක් කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (20)ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.
රටේ ජනතාවට ආණ්ඩුව පිළිබඳ කලකිරීමක් ඇති කිරීමට විරුද්ධවාදීන් තමාට එරෙහිව විවිධ බොරු කටකතා ප්‍රචාරය කිරීමට ඉඩ තිබෙන බව ද තමාට වෙඩි නොවදින වහන ගෙන්නවා ගැනීමේ කතාවත් එවැනි එකක් යයිද අගමැතිවරයා දැන් කර කරගත හැකි කිසිවක් නැති විරුද්ධවාදීන් මෙවැනි බොරු ප්‍රචාර කර සතුටක් ලබන බව සඳහන් කළේය.
පසුගිය කාලයේ යහපාලන ආණ්ඩුව රටේ අහිංසක ජනතාවට දුන් දුක් කරදර වලින් ඔවුන් මුදා ගැනීමේ අරමුණින් යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට සිදු වූ බවත් මේ නිසා තමාට ජනතාවගේ ප්‍රසාදය නොඅඩුව ලැබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
යහපාලන ආණ්ඩුව ඉහළ දැමූ බඩුමිල සහ ඉන්ධන මිල ක්‍රමානුකූලව පහත හෙළා ගෙන යන බවද අගමැතිවරයා කීය.
මින් මතු යහපාලනය ගෙනගිය එජාපයට ජනතාව රැවටෙන්නේ නැතැයි පැවසූ හෙතෙම යහ යහපාලන ආණ්ඩුව තවදුරටත් තිබුණනම් මේ රට කෑලිවලට කඩා පිටරට විකිණීමට පවා ඉඩ තිබූ බවද කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...