වර්තමානයේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ විවිධ පාර්ශ්වයන්ට අයුතු ප්‍රයෝජන ඉටු කර ගැනීමට අවකාශය උදාවී ඇතැයි සිය පක්ෂයේ නියෝජිතයන් බටහිර රටවල තානාපතිවරුන්ට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. සුමන්තිරන් මහතා කියයි.
මේ වන විට ලංකාව තුළ ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය කෙරෙහි අවධානය යොමු කරමින් ඊයේ (20දා) දිනයේ බටහිර රටවල තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මුණගැසී සිය පක්ෂයේ මතය ඉදිරිපත් කළ බව පැවැසූ සුමන්තිරන් මන්ත්‍රිවරයා උද්ගත වී තිබෙන මෙම වාතාවරණය හමුවේ සුළුතර ජන කොටස්වලට භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙත දැනුම් දුන් බවත් කියා සිටියේය.
සුමන්තිරන් මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ දෙමළ ජාතික සන්ධානය සහ මෙරට සිටින මහ කොමාසරිස්වරුන් හා තානාපතිවරුන් සමඟ පැවැති හමුවේදී සාකච්ඡා කෙරුණු කාරණා පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඊයේ පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැති සාකච්ඡාවට ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍ය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් 14ක් නියෝජනය කරමින් මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, ඔවුන්ගේ නියෝජිතයන් මෙන්ම යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහභාගි වී ඇත.
විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැය එකහමාරකට අධික කාලයක් පැවැති අතර විපක්ෂ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා ඇතුළු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පිරිස් සහභාගි වී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...