දේශීය පුවත්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපාදන කප්පාදු කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය තුළ තනි කිරීමේ සැලැසුමකට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාට වෙන් කරන මූල්‍යමය ප්‍රතිපාදන යටතේ අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම නඩත්තු වන අතර අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපා හරින ලෙස යෝජනාවක් සිදුකළහොත් එය අරලියගහ මන්දිරයේ වියදම් කපා හැරීමට ද අදාළ වන බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

එලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට වෙන් කරන මූල්‍යමය ප්‍රතිපාදන කපාහැරියහොත් රනිල් වික්‍රමසිංහ දැනට රැදී සිටින අරලිය ගහ මන්දිරයේ ජලය, විදුලිය සහ තෙල් ආදී වියදම් කපාහැරෙන අතර, ඒ අනුව ඔහු අරලිය ගහ මන්දිරයේ තනි කරවීමට මෙම කුමන්ත්‍රණය දියත් වන බවට සැකයක් මතු වන බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More