විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීමට අයිතියක් නොමැති බවත් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
අද (20)රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ ” අද පාර්ලිමේන්තුව අසූචි වලක් වෙලා දෙපක්ෂයේම හැසිරීම පිළිගන්න බැහැ. කතානායකවරයාගේ හැසිරීම නින්දිතයි. පවතින දේශපාලන අර්බුදය විසඳන්න බැහැ. විශ්වාසභංග යෝජනා දෙකක් ගෙනාවා වගකීමක් නැතිව රනිල් වික්‍රමසිංහ සතුටු කරන්න බටහිරයන් මේ සියල්ල දෙස බලාගෙන ඉන්නවා. මේ සියල්ල බටහිරයන්ට ඕන විදියටයි සිදුවෙන්නෙ. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීම හැර වෙන විසඳුමක් නැත. යනුවෙනි.
මෙම මාධ්‍ය හමුවට නීතිඥ කල්‍යානන්ද තිරානගම, ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක, වෛද්‍ය වසන්ත බණ්ඩාර, රජරට අනුරාධ තෙන්නකෝන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.
විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීමට අයිතියක් නෑ.. වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු යි
Gepostet von Lanka Lead News am Dienstag, 20. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...