දේශීය පුවත්

පක්‌ෂ නායක රැස්‌වීමේදී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අනුර කුමාර දිසානායක මහතාට තමුසේ යෑයි ආමන්ත්‍රණය කිරීම නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස්‌ වීම රාජිත සේනාරත්න මහතා ඇතුළු කිහිප දෙනකු විසින් සමථයකට පත් කර ඇත.

තමුසේ යූ. එන්. පී. යෙන් සල්ලි අරගෙන යෑයි දිනේෂ් ගුණවර්ධන මහතා දිසානායක මහතාට කියා ඇත.

තමුසේ කියමින් කළ ආමන්ත්‍රණයට උරණ වූ අනුර කුමාර දිසානායක මහතා මම නෙවෙයි ඔයාගෙ පක්‌ෂෙත් කලින් යූ. එන්. පී,… ඔයාගේ තාත්තාත් යූ. එන්. පී. කාරයෙක්‌ යෑයි දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රකාශ කර ඇත.

මේ අවස්‌ථාවේදී දෙදෙනා අතර ඇති වූ බහින්බස්‌ වීම දුරදිග යැමට ඉඩ නොතැබූ රාජිත සේනාරත්න මහතා මෙයාගේ තාත්තා විතරක්‌ නොවේ බාප්පාත් යූ. එන්. පී. කාරයෙක්‌ යෑයි පවසමින් සිද්ධිය සමථයකට පත් කළ බව පක්‌ෂ නායක රැස්‌වීමට සහභාගි වූ මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More