ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාව තුළ මේ වන විට උත්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම 2016 වසරේ ජූනි මාසයේ දී අනුමත වූ අතර ඩොලර් බිලියන 1.5 ක ණය ආධාර ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

මෙම ණය මුදල ලබා දීමේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කළේය.

ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීම, බදු ප්‍රතිසංස්කරණ ආදිය ඒ අතුරින් ප්‍රමුඛ ඒවා වේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම මේ වන විට අත්හිටුවා ඇති අතර මිල සූත්‍රයට පරිභාහිරව නව රජය යටතේ දෙවරක් ඉන්ධන මිල පහත හෙලීමේ වාසිය ලබා ගැනීමට ජනතාවට හැකි වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More