දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එ. ජා. ප මන්ත්‍රීවරුන් වන තමන්ට ද ප්‍රශ්න තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමඟ හිනා නොවන බවත් කතා නොකරන බවත් සුහද නැති බවත් රාමනායක මහතා ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එ. ජා. ප මන්ත්‍රීවරුන් දුටු විගස සිනාසෙමින්, වැළඳ ගනිමින් ඉතා සුහදව කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ යනු ඉතා මිත්‍රශීලී චරිතයක් බවත් රාමනායක මහතා කීවේය.

වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ ද ගමේ හිතවතකුගේ මංගල්‍ය උත්සවයකට පැමිණි විට තමා කිසිවිටෙකත් අහළකටවත් නොයන බවත් රාමනායක මහතා පැවැසීය.

එවැනි අවස්ථාවක ඉතා සමීපව ඇසුරු කරන අයකු වුව ද නොහඳුනන සේ අහක බලාගෙන යාම වික්‍රමසිංහ මහතාගේ පුරුද්ද බව පැවසූ රාමනායක මහතා එසේ වූ විට ගමේ මිනිස්සු නගන ප්‍රශ්නවලට උත්තර නොමැති බැවින් තමන් ඔහු ළඟට නොයන බවත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More