අගමැතිවට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
ඒ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවට යෝජනාව ගෙන ආ හැකි වන්නේ සභානායකතුමත්, සංවිධායකතුමත් දැනුම් දීම තමයි පිළිවෙත. එය ආපසු හැරවීමට උත්සාහ කිරීම ස්ථාවර නියෝග හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනියි. අපි කථානායකට කිව්වා අගමැති අස්කරනනත්, පත්කරන්නත් බලය තියෙන්නේ ජනපතිටයි කියලා. ඒ බලය නෑ කියන්න විපක්ෂයේ කවුරුවත් කිව්වේ නෑ. ඔවුන් කිව්වේ බහුතරය ඔවුන්ට තිබෙනවා කියලයි. අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු ආකාරයක් තිබෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...