දේශීය පුවත්

හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග විසින් ඇමෙරිකාවේ ටයිම්ස් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කළ නොහැකි බවත් ඔහු විසින් සියලු දෙනා රැවටීමට ලක් කළ බවත් පවසා තිබේ. සාකච්ඡාව පහතින්

Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – ඉදිරි මැතිවරණය කුමක් වෙයි ද?

ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග – යහපාලනයත්,සාමය සදහා වන ක්‍රියාවලිය බොරුවට නොව සැබෑ කල්පවත්නා සාමයක් විය යුතු යි.අගමැති රනිල් වික්‍රමසිංහ සියලු දෙනා රැවටීමට ලක් කරේ ය.දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හොදයි කියා මටත්,කැබිනට් මණ්ඩලයටත් කියා සිටියා.එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට රහසිගත පොරොන්දු දුන්නා.ඒවා අපි තවමත් දන්නේ නෑ.කිසිදු විනිවිද භාවයක් තිබ්බේ නෑ.මම යහපාලනයක් ප්‍රකාශයට පත් කරන විට දූෂණය විශාල ලෙස පැවතියා.මෙයින් හැමෝම කම්පාවට පත් වෙනවා.

Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – මැතිවරණයක් කැදවීමට ආසන්න හේතුව කුමක්ද?

ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග – මම ආණ්ඩුවට එකුතු වෙලා එයට පැටලුණා,අගමැතිවරයා මට හිරිහැර කරලා එලවා දැමුවා.ඔහුට අවශ්‍ය වන්නේ ජනාධිපති වෙන්නයි.රටට සිදුවන්නේ කුමක්ද යන්න ඔහු සිතන්නේ නැහැ.අපි ඒ නිසා අපහසුතාවයට පත් විය.එය විසදීමට ඇති එකම මාර්ගය ජනතාවගෙන් ජනවරමක් ඉල්ලීම ය.

හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග ටයිම්ස් පුවත්පත මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණි.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව ඉංග්‍රීසි පිටපත මෙතනින් පිවිසෙන්න

– repoter



2 thoughts on “රටට සිදුවන අයහපත ගැන හිතන්නෑ..රනිල්ට උවමනා ජනාධිපති වෙන්න..නිහඩතාවය බිද චන්ද්‍රිකා විදෙස් මාධ්‍යයට කියයි”

  1. ඔයාගෙය් උවමනාව නිදහස් පක්ෂය බේරගන්න එක විතරයි. ඕගොල්ලන්ගේ deal නිසා තමයි සිරා ගිහින් නිදහස් පක්ෂයේ සභාපති උනේ.. මේ සේරටම මුල ඔයා. ඔයාගේ තාත්තාගේ පක්ෂය බේරගන්න තියෙන උවමනාවට ඔයා ජනාධිපතිව උස්සලා එහෙම්මම නිදහස් පක්ෂෙට දුන්නා. ඊට පස්සෙ සිරා උගේ උවමනාවට රාජපක්ෂලත් එක්ක ඩීල් ගැහුවා; එහෙම වෙනකොට ඔයා කියන්නෙ රනිල්ට උඩ බලාගෙන ඉන්න කියලාද?

    හරි ඔයා කියනවා නේ රනිල්ට රටේ අනාගතය ගැන වැඩක් නෑ කියනවා නේ. හරි ඔයා විදායක ජනාධිපති දූරයක් දරපු කෙනෙක් හැටියට රටට මොනවාද කලේ?? ඔයා ආර්ථිකයත් ඍණ කරලා දුන්නේ ඒ මනුස්සයට. ඉන් පස්සේ ඌ එජාපෙන් රටේ ආර්ථිකය හදාගෙන එනකොට රනිල්ගේ කකුලෙන් ඔයා ඇද්දා කියන එක තමයි ඇත්ත. මොකද ඕගොල්ලන්ට නිදහස් පක්ෂ පිස්සුවක් ගහලා තියෙන්නේ. තාත්තා හදපු පක්ෂෙ විනාශ වෙන්න හොඳ නෑ කියලා ඕගොල්ලො ගහන ගේම් හොඳයි. හැම වෙලාවෙම ආර්ථිකය නන්නත්තාර කරලා රනිල්ට දීලා ඌ ඒ පව් ඔක්කෝම කරගහගෙන ආවට පස්සේ උඹලා බලන්නේ ඌ කරපු වැඩ වලින් අනාගතයේදී ලැබෙන ප්‍රතිඵල උඹලාගේ තාත්තගේ පක්‍ෂයේ account එකට බැර කරගන්න එක තමයි උඹලාගේ උවමනාව! ලැජ්ජයි චන්ද්‍රිකා ඔයා ගැන!!!!

  2. මොකෝ මේ දශකයකට එහා ඒවා දාලා මිනිස්සුන්ව රවට්ටන්නේ. චන්ද්‍රිකාට ඡන්ද අරන් දෙන්නද

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More