දේශීය පුවත්

සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු යැයි ශුද්ධ වූ කුරාණයේ සඳහන් වන බවත්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබිතුමාගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් අදට (20) යෙදෙන නබිනායකතුමාගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්විද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩ නිකුත් කරමින් ඊයේ (19) සඳහන් කළේය.

ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රණාමය පුදකරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ශුද්ධ වූ කුරාණයට අනුව විශ්වයේ ඇති සෑම වස්තුවක්ම මවා ඇත්තේ යම් අරමුණක් උදෙසාය.

මිනිසා මවා ඇත්තේද යම් අරමුණක් ඉටුකිරීම පිණිසය. ඒ අරමුණ ඉෂ්ටප්‍රාප්ත කිරීමට කලින් කලට පත් කළ නබිවරුන් අතුරෙන් අවසන්වරට මෙලොවට පැමිණි නබිවරයා මුහම්මුද් නබිතුමාණෝය. එතුමාගේ ඉගැන්වීම වූයේ කිසිදු පුද්ගලයකු තවත් පුද්ගලයකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේද පහත් වන්නේද නැති බවයි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව නබිතුමාණෝ දේශනා කළහ.

ගැහැනු ළමයකුගේ උපත ශාපයක් ලෙස සැලැකූ යුගයක මුග්ධ ජනයා විසින් බිලිඳියන් උපන් පසු පණ පිටින් වළලා දමන ලදී. එහෙත් වැඩිකල් නොගොස් කාන්තාවන්ගේ ජීවන අයිතිය දිනාදීමට නබිතුමාණන්ට හැකි විය.

මුළු ජීවිතය පුරා වහල් ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කළ නබිතුමා සූරාකෑමට එරෙහි විය. ඩහදිය වේලෙන්නට පෙර කම්කරුවන්ට හිමි වේතන අඩුනොකොට ලබාදිය යුතු යැයි එතුමා කීය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකී ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් එකිනෙකා අතර භේදය හා වෛරය වගා දිගා වූ මෙකල අප සියල්ලන්ගේ පරමාදර්ශයට යෝග්‍යය.

සියලු සත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමාණන්ගේ දර්ශනය අප සැමදෙනාගේම ෙදෙනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපැයීමට හේතු වේවා යි පවසමින් එතුමාගේ මේ වාර්ෂික ජන්මෝත්සව දිනයේ හෘදයාංගමව සුබ ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලාංකේය මුස්ලිම් සහෝදර ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමී බැතිමතුන්ටද මාගේ ගෞරවය හා ප්‍රණාමය පළ කරමි.

මේ අතර අගමැති මහින්ද රාපක්ෂ මහතාද විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ එය මෙසේය

එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ශුද්ධ වූ මොහොමඩ් නබිතුමාගේ උපන් දින සංවත්සරය සමරන සියලුම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට මාගේ උණුසුම් සුභාසිංශන එක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවාසී ඉස්ලාමීය බැතිමතුන් ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබිතුමාගේ ඉගැන්විම් මෙනෙහි කරමින් මේ දිනය සමරනු ලබයි.

ලෝකයේ ඉස්ලාමීය රටවල් ජාත්‍යන්තර සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇත. අපට ලබාදුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කිරීමටත්, එම රටවල සියලුම ඉස්ලාමීය බැතිමතුන් වෙත මේ සුබ දිනයේදී මාගේ සුබ පැතුම් එක් කිරීමටත් කැමැත්තෙමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More