දේශීය පුවත්

පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

November 19, 2018 1:00 pm | Lanka Lead News

පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ අතර අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

ඒ අනවු අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වෙයි.

සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වුවත් අද දිනයේ දී එය මෙලෙස සීමා කර තිබේ.

ඒ අනුව අද පාර්ලිමේන්තු ගැලරිය විවෘත වන්නේ මාධ්‍ය සඳහා පමණක් වන බව පාර්ලිමේන්තුවේ නිලධාරීන් පවසයි.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රෙය් සහ ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් ද ඒ සදහා අනුයුක්ත කර ඇති බව සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More