පුරවැසි කොලම

1. අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව කථානායකතුමාට භාරදිය යුතුය. ඒ සඳහා අවම වශයෙන් මන්තී‍්‍රවරු 20 දෙනකු අත්සන් කළ යුතුය.

2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කථානායකතුමා විමසිය යුතුය.

3. එම යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කථානායකතුමාට දැනුම් දිය යුතුය.

4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුළත් කළ යුතුය.

5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍රණය කර සියලූම මන්තී‍්‍රවරුන්ට බෙදා හැරිය යුතුය.

6. වැඩ කරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

7. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප‍්‍රමුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුත්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කථානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවලින් සමන්විත මන්තී‍්‍රන් කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තකයේ සඳහන් වී ඇති ආණ්ඩුවේ කටයුතුවල ප‍්‍රමුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.

8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

9. එම දිනයේ න්‍යාය පත‍්‍රයට මෙම යෝජනාව ඇතුළත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.

10. එම විශ්වාසභංගය විවාද කිරීම සඳහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡුන්දය විමසීම සහ එය ප‍්‍රකාශ කළ යුතුය.

12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබඳ හැන්සාඞ් වාර්තාව නිකුත් කළ යුතුය.

ඉහත කී සියලූම කි‍්‍රයාවලියන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග වලටද, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් සහ කි‍්‍රයා පටිපාටියන්වලට අනුකූලව සිදු කිරීමට පාර්ලිමේන්තුව වගබලා ගත යුතුය.

divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More