දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනවානම් කියන්න” යැයි පවසා ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, “පාර්ලිමේන්තුවේ අපි විශ්වාසභංගයක් සම්මත කළා, ඒකට අනුව ක්‍රියාකලා නම් හරි” යනුවෙනි. එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ, “කෝ ගන්න බලන්න විස්වාසභංගය සම්මත වූ බවට ඇති සාක්ෂි” කියාය.

ඒත් සමඟම අන්දුන් කුන්දුන් වූ රනිල් වික්‍රමසිංහ හතර වටේ බලමින් තම පිරිසකගේ උදව් ඉල්ලා ඇති අතර, ඊට කිසිවෙකුත් නැති තැන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන්, “වික්‍රමසිංහ මහත්මයා ගමු බලන්න හැන්සාඩ් එක” කියා ඉල්ලා ඇත. එවිට රනිල් පවසා ඇත්තේ, “එහෙම එකක් මම ගෙනාවේ නැහැ” කියාය.

ඉන් අනතුරුව ආණ්ඩුව පාර්ශවයෙන් පාර්ලිමේන්තුවේ සියලු අන්තර්ගතයන් අඩංගු නීත්‍යානුකූල ලේඛනය වන හැන්සාඩ් පිටපත් සර්ව පාක්ෂික සමුළුව ඉදිරියේ දිග හැර ඇත. පාර්ලිමේන්තුවේ කිසිඳු හැන්සාඩ් වාර්තාවක කථානායක කරු ජයසුරිය දින 3ක් තිස්සේ මහජන මුදල් රුපියල් කෝටි ගණනක් කාබාසිනියා කරමින්, ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්තියට පත්කරමින් නැටූ නාඩගම් වලින් සම්මත කළා යැයි කියු විශ්වාසභංග ගැන එකඳු සටහනක් වත් හැන්සාඩ් වාර්තාවල අන්තර්ගත නොවී ඇත.

මේ සමඟම රනිල් වික්‍රමසිංහ සහ එජාප මන්ත්‍රීවරු තුස්නිම්භූතව මුහුණවල් දෙස බලාගෙන ඇති අතර යන එනමක් නැති තැන එජාපයේ පඩික්කම බවට පත්ව ඇති අජිත් පී.පෙරේරා “අපි හෙට උදේ 10ට ජනාධිපතිතුමාට දිවුරුම් ප්‍රකාශත් එක්ක අපේ 113 ගෙදරටම ගෙනත් පෙන්වන්නම් කියා” පවසා ඇත. එහෙත් එය අවඥාවෙන් යුතුව බැහැර කළ ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුවේ විසඳාගත යුතු ප්‍රශ්න පාර්ලිමේන්තුවේ සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව විසඳාගන්නා ලෙස පවසා ඇත.

ඒකමතික තීරණයකින් තොරව සර්ව පාක්ෂික සමුළුව අවසන් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය සහ එජාපයේම තවත් එක් වෘත්තීය සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා සහභාගී නොවීම කැපී පෙනුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More