දේශීය පුවත්

යාපනයේ ජීවත් වූ ජනතාව ඉකුත් සමය තුළ මහත් අසහනකාරී සහ පීඩාකාරී තත්ත්වයකින් ජීවත් වූ බවත් එහි බැරෑරුම් කම කොතෙක්ද කිවහොත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය වූ පසු ඔවුන් රතිඤ්ඤා ද පත්තු කරමින් සතුට පළ කළ බව තමන්ට දැන ගන්නට ලැබුණු බව හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ ප්‍රකාශ කළහ. රතිඤ්ඤා පත්තු කිරීමේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවද යාපනයේ මිනිසුන් මහත් පීඩාකාරී තත්ත්වයකින් ජීවත් වූ බව උන් වහන්සේ අවධාරණය කළහ.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ ඉකුත්දා (17) එම විහාරස්ථානයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

යාපනයේ ජනතාවගේ හිත් වේදනාව නොසලකා එහි බලයට ආ දේශපාලනඥයින් දේශපාලන ඉත්තෝ මෙන් ප්‍රකාශ කළ සමහර වචනවලින් තම හිත්ද රිදුම් දුන් බව උන්වහන්සේ අවධාරණය කළහ.

මෙම රට ගොඩ ගත නොහැකි ආකාරයේ ගිනි තියන හණුමලා ඇති වී තිබෙන බවත් ඒ හණුමලා හඳුනාගැනීමට පාලක පක්ෂයට නොහැකි වී තිබිම කනගාටු දායකය.

මෙම ව්‍යවස්ථාව සම්පාදනය කර තිබෙන්නේ ඇස් පියාගෙන බවත් ව්‍යවස්ථාව පවා සම්පාදනය කර ගැනීමට අපේ පාලකයන්ට වේලාවක් නොමැතිකමින් ඒ වෙනුවට ඔවුන්ගේ කුස්සියේ සිටි මිනිසුන් එය සම්පාදනය කර තිබෙන බවද විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More