දේශීය පුවත්

පසුගිය සති අන්තයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් අතර හමුවක් සිදුවිය.

එම හමුවේ දී පළමුව ජනපතිවරයා විසින් මා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් රටට අහිතකර යහ යහපාලන ආණ්ඩුවේ ගම්න අවසන් කිරීම නිමිත්තෙන් ජනපතිවරයාට ස්තූතිය පළ කළහ.

එහිදී ජනපතිවරයාට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන් පවසා සිටියේ රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමටත්, විදේශ මාධ්‍යයන් හරහා පැතිර යන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් දැනුවත් කිරීම්ට පියවර ගන්නා ලෙසය.

මෙම හමුවේ දී ජාතික සංවිධාන එකමුතුව විසින් ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ අනුග්‍රහයෙන්, සකස්කරන ලද ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව නගා ඇති චෝදනා වලට පිළිතුරු සහිත විරුවන්ගේ විත්තිවාචකයේ පිටපත්ක්ද ජනපතිවරයාට පිළිගන්වන ලදී. එහිදී එම නියෝජිතයන් තවදුරටත් ජනපතිව ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා වල සම්මත කර ඇති 30 /1 යෝජනාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙසත්ය.

ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා මේ බව පවසා සිටියේ ලංකා ලිඩ්ස් නිවුස් කළ විමසුම්කට පිළිතුරු සපයමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More