දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු සර්ව පාක්ෂික රැස්වීම මේ වන විට අවසන් වි ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙත් අද (18) පස්වරුවේ මෙම සර්ව පාක්ෂික රැසවීම පැවැත් විය.

කෙසේ වෙතත් මෙම සර්ව පාක්ෂික රැස්වීමට පැමිණිම කථානායක කරු ජයසූරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබුණි.

සර්ව පාක්ෂික රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වතෙ අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා පැවසුවේ එක්සත් ජාතික පෙරමුණට 113ක බහුතරය තිබේන බවත් අවශ්‍ය නම් එය දිව්රුම් පෙත්සම් මගින් හෙට (19) උදැසනට ජනාදිපතිවරයාට පෙන්විය හැකි බවත්ය.

මේ අතර ,එම අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේදී කටයුතු කරමින් අවසන් තීන්දුවකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, හෙට උදෑසන 11ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලි ලෙස අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලුදෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමා මෙම හමුවේ දී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.

සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලු පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිතුමාට දන්වා තිබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ බව සභාවට ප්‍රකාශ කරනු ලැබීය.

ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More