පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්.
එම පළාත් පාලන ආයතනවලට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) දහවල් 12.00 න් අවසන් විය.
නීතිමය ගැටලූ නොමැති පළාත් පාලන ආයතන 93 කයි මෙලෙස මුල් අදියරේදී නාමයෝජනා භාර ගැනීම සිදුවන්නේ. සෙසු පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශිපි‍්‍රය ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය පෙබරවාරි මස 17 වැනි දින හෝ ඊට පෙර පැවැත්වීමට හැකිවනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...