පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් යාමෙන් පාර්ලිමේන්තුව ඉදිරියේදී දැඩි අර්බුදයකට පත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවුවහොත් ඊට සහය ලබා නොදීමට ආණ්ඩුවේ කණ්ඩායමක් තීරණය කර තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අධිකරණ නියෝගයක් මගින් අත්හිටුවීමත් සමග පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා පියවර ගෙන තිබුණි.
ඒ අනුව පසුගිය සතියේදී දින තුනක් පාර්ලිමේන්තුව කැඳවූ අතර එම දින තුනේදීම අගමැති මහින්ද රාජපක්ෂට විරුද්ධව විශ්වාසභංග යෝජනා තුනක් ඉදිරිපත් කෙරිණ. එම විශ්වාසභංග යෝජනා ස්ථාවර නියෝග අනුව සම්මත නොවූ බව පවසමින් එය පිළිගැනීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබුණි.
ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කරනු ලබන කිසිදු යෝජනාවක් පිළිනොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...