ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
වත්මන් පාර්ලිමේන්තුවේ පවතින ආර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුනේය.
එය අද පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට සහ කථානායකවරයාට ආරාධනා කර තිබේ.
පසුගිය 14 සහ 16 දිනවල පාර්ලිමේන්තුව තුළ ඔහුගේ හැසිරීම සමාජය තුළ බරපතලලෙස විවේචනයට ලක්වීම නිසා මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තාවේ.
ඒ පිළිබදව අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නම සදහන් කිරීමට අකමැති මන්ත්‍රීවරයෙකු පවසා සිටියේ පාර්ලිමේන්තුවේ දොර ලග පොලීසිය වට කරගෙන සිටගනිමින් විශ්වාසභංගයක් සම්මත කළ ලොව එකම කථානායක කරූ ජයසූරිය බවය.
ඔහු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්වපාක්ෂික රැස්වීමට පැමිණියේනම් සම්මානයක්දීමට බලා පොරොත්තුවෙන් සිටි බවද එම මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...