දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය හරි හැටි සම්මත කරගන්නා තුරු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකරන බව ජනාධිපතිවරයා දැනුම්දුන්නේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

ආණ්ඩුව ඉදිරියටම කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතා ද එක් ස්ථාවරයක සිටිනා බව ද ඔහු කීවේය.

එස් බී දිසානායක මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“ජනාධිපතිතුමාගෙන් ඔය නොයෙකුත් පක්ෂ දැන් ආයේ ආයෙත් විවිධ සාකච්ඡා ඉල්ලනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා කියලා තියෙනවා…නීත්‍යානුකූලව කටයුතු කරන්න..ඊට පස්සේ මම හම්බවෙන්නම් කියලා. කොහොම නමුත් හවස ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයෙයි විපක්ෂයෙයි සියලු නායකයින්ට එන්න කියලා තියෙනවා.”

මේ අතර පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් ඊයේ (17) ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලය වෙත ගියද ඔවුන්ට යළි ආපසු හැරී ඒමට සිදුවිය. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කොළඹින් බැහැරව සිටීම හේතුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More