දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාව විශාල යැයි පවසමින් ඇමරිකානු කොංග‍්‍රස් කමිටුව ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

රිපබ්ලිකන් මන්තී‍්‍ර චිල් ජොන්සන් සහ කොටි හිතවාදීන් සමග දැඩි සබඳකම් පැවැත්වූ ඩැනී ඬේවිස් කොංග‍්‍රස් කමිටුව හමුවේ කරුණු දක්වමින් ශී‍්‍ර ලංකා හමුදාව සඳහා විශාල ආරක්‍ෂක පිරිවැයක් වැයවන බවත් ආරක්‍ෂක හමුදාවේ විශාල පිරිසක් රැඳී සිටින්නේ උතුරු නැගෙනහිර බවත් යුද අපරාධ චෝදනා එල්ලවූවන් දඬුවම්වලින් ගැලවී ඇති බවත් සඳහන් කර තිබේ.

මේ නිසා උතුරු නැගෙනහිරින් හමුදාව අඩු කිරීමට රජය කි‍්‍රයාකළ යුතුව ඇති බව ඔව්හු තවදුරටත් දන්වා ඇත.

මෙම කමිටුව හමුවේ ප‍්‍රකාශයක් කළ කොටි හිතවාදී පර්ල් සංවිධානයේ අංජලි මනිවන්නන් නමැත්තිය ශී‍්‍ර ලංකා හමුදාවට ඇමරිකාව සහය දැක්වීම නතර කළ යුතු බවත් අරමුදල් සැපයීම අත්හිටුවිය යුතු බවත් කියා සිටියාය.

ශී‍්‍ර ලංකාවේ හමුදාව වහාම ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව ද්‍රවිඩ ඩයස් පෝරාව ද ඉල්ලා සිටින බව මනිවන්නන් නමැත්තිය කොංග‍්‍රස් කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

ඉරිදා දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More