පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට පැවැත් වීමට නියමිතයි.
ඒ ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දීය.
පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළඹ තිබේ.
ඒ හේතුවෙන් සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට මීට සහභාගීවීමට ආරාධනා කර ඇති අතර, කථානායක කරූ ජයසූරිය මහතාට ද මෙම හමුව සඳහා ආරාධනා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...