අග්‍රාමාත්‍යවරයෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලැයිස්තුවක් ඇතුළත් නිවේදනයක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබේ.
අග්‍රාමාතය ලේකම් එස්. අමරසේකර මහතාගේ අත්සනින් යුතුව කරුණූ 12කින් සමන්විත නිවේදනයක් මෙලෙස නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ අදාළ ක්‍රියාමාර්ගයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග වලට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූලව සිදුකරන ලෙසට පාර්ලිමේන්තුව වගබලාගත යුතු බවයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද ගෙන ආ විශ්වාසභංග යෝජනාව පෙර කී ආකාරයට නීත්‍යානුකූලව ඉදිරිපත්වූවක් බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...