හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ හිටපු ඇමැති රිෂාඩ් බදුයිදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුපෙළ මන්ත්‍රී පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කිසිසේත්ම නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා නැවත වතාවක් ඊයේ තහවුරු කිරීමත් සමඟින් එම පක්ෂ දෙකේ නායකයන් මෙන්ම මන්ත්‍රීවරුන් ද දැඩි ලෙස කැළඹීමට පත්ව ඇති බවද වාර්තා වෙයි.
මේ තත්ත්වය මත පවතින ආණ්ඩුවකට එක්වීමේ ඉතිහාසගත සම්ප්‍රදාය මත මොවුන් දැනටමත් රාජපක්ෂ ආණ්ඩුව සමඟ සම්බන්ධ වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන්නේ නම් තවදුරටත් විපක්ෂයේ සිටිමින් තේරුමක් නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...